0%

Mickey Mouse ජනතා අයිතියට

January 7, 2024 - Articles
mickey mouse

2024/1/1 ඉඳලා ජනතා අයිතියට පත්වුණු චූටී කාලේ ඉඳලා අපි දන්න කියන අය.

ජනතා අයිතියට එහෙමත් නැත්නම් public domain එකක් වෙච්ච දේවල් වලට ලංකාවේ අපිට නම් ගොඩක් වෙලාවට familiar එක්කෝ පාරක්,පුස්තකාලයක් නැත්තම් වෙන මොකක් හරි ගොඩනැගිල්ලක් නේ.

හැබැයි අපි දන්න කියන අයත් public domain එකක් වෙන්න පුලුවන්. ඔයාලා දන්නවද මේ වෙනකොටත් මහජන අයිතියට පත් වෙලා තියෙන ප්‍රසිද්ධ චරිත කිහිපයක් තමයි
 Tarzan, King Arthur, Robin Hood, Frankenstein Monster සහ Aladdin කියන්නේ.

ඉතින් මේ ගොඩටම අලුතෙන් එකතු වෙච්ච characters තමයි mickey mouse. හැබැයි මෙයාලා 1928 අවුරුද්දේ නිකුත් වෙච්ච Steamboat Willie කියන short movie එකේ හිටිය mickey සහ mini mouse ලා. අර කලු සුදු ඩබල

 

පළවෙනි වතාවට නිර්මාණය කරපු කළු සුදු mickey mouse සහ mini mouse තමයි මේ විදියට public domain එකක් වෙලා තියෙන්නේ. දැන් අපි දකින, ඊට පස්සේ නිර්මාණය කරපු mickey mouse සහ mini mouse චරිත වලට මේක අදාල වෙන්නේ නෑ.

මීට අමතරව Sherlock Holmes චරිතය වගේම Peter Pan චරිතයත් 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා public domains බවට පත්වුණා.

සාමාන්‍යයෙන් මේවගේ ලෝකේ පුරාම ප්‍රසිද්ධ චරිතයක් Public Domain එකක් වුණාට පස්සේ ඕනෑම පුද්ගලයෙකුට ඒක කිසිම අවසරයකින් තොරව නිර්මාණ වලට භාවිතා කරන්න වගේම වෙනස් කිරීම් වලට ලක් කරන්නත් පුලුවන්. ඒ කියන්නේ කාගෙන්වත් තහනමක් නෑ. copyright ප්‍රශ්න නෑ 😉

USA වල මේ වෙනකොට ක්‍රියාත්මක වෙන බුද්ධිමය දේපල පනතට යටත්ව තමයි මේ විදියට Public Domain එකක් බවට මේ characters පත්වෙන්නේ. ඒ පනතට අනුව අවුරුදු 95ක් පැරණ ඕනෑම නිර්මාණයක් public domain එකක් විදියට පත් වෙනවා.

 

– Awani Bentharage –

 

 

Image Credit – https://www.latimes.com/entertainment-arts/business/story/2024-01-02/mickey-mouse-public-domain-steamboat-willie-horror-movies

 

Tagged as:  /  /  /  / 

Play Cover Track Title
Track Authors