0%

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක් !!!

March 23, 2024 - Articles
kate

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩිල්ටන්, අද විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කරන්නේ තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවයි. ජනවාරි මාසයේදී ඇය ලන්ඩනයේ දී සැත්කමකට භාජනය වී ඇති අතර එය සාර්ථකව අවසන් වූවත් නැවත සිදුකල පරීක්ෂණ වලදී තමන්ට පිළිකාවක් වැලඳී ඇති බව සොයාගෙන ඇතැයි අදාල වීඩියෝව මගින් ඇය ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් කේට් කුමරිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිසිඳු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

තමන්ට වැළඳී ඇත්තේ කුමන ආකාරයක පිළිකා තත්වයක්ද යන්න තවමත් අණාවරණය වී නැති බව ඇය සඳහන් කරනවා. නමුත් කුමරිය සම්පූර්ණ සුවය ලබනු ඇති බවයි කෙන්සින්ටන් මාලිගය ප්‍රකාශ කරන්නේ.

ඇය සිය පණිවිඩය මගින් කියා සිටින්නේ ‘මම හොඳින් සිටින අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටිනවා’ යන්නයි. ඇයට මේ වන විටත් කීමෝ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති අතර ඇය එම ප්‍රතිකාර වල පළමු අදියරයේ පසුවන බව සඳහන් කර සිටියා.

ඇය මෙහිදී පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂ පණිවුඩ කිහිපයක්ම ලබා දී තිබෙනවා. එනම් මෙවැනි අවස්ථාවකදී ශක්තිමත්ව ජීවිතයට මුහුණ දීම සහ ප්‍රතිකාර සඳහා නිවැරැදි වෙලාවට යොමු වීමයි. එමෙන්ම කිසිවෙකුටවත් පිළිකාව හේතුවෙන් සිය බලාපොරොත්තු අතහැර නොගන්නා ලෙසත් ඇය සිය පණිවිඩය මගින් කාරුණිකව සිහිපත් කර සිටිනවා.

ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඇය එක්ව ඇයගේ පවුල වෙනුවෙන් මෙම තත්වය කළමනාකරණය කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරමින් සිටින බව ඇය ප්‍රකාශ කරනවා. ඇයගේ දරුවන් වන ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරුට මෙම තත්වය පැහැදිලි කිරීමට සහ ඇය හොඳින් බව ඒත්තු ගැන්වීමට යම් කාලයක් ගතවූ බවත් ඇය මෙම වීඩියෝ පටයේදී ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් පසුගිය දෙසැම්බර් මාසයේ කේට් කුමරිය පොදු කටයුතු වලින් හා මාධ්‍යයෙන් ඈත්ව සිටීම මෙන්ම මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාලිගය නිකුත් කල ඡායාරූපය සංස්කරණය කල එකක් බව හෙලිවීම නිසාත් වේල්ස් කුමරිය පිලිබඳව විවිධාකාර පුවත්, කටකතා පැතිර ගියා. එසේම අදාල කටකතා වලට ප්‍රතිචාරයක් ලෙස ඇය විසින් මෙම වීඩියෝ පටය අද මාධ්‍යයට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කේට් කුමරිය,ලාංකික අපි ඔබට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරමු !!!

 

-awani-

Tagged as:  /  /  /  / 

Play Cover Track Title
Track Authors