0%

TIK TOK මිලියනපතිනිය

March 25, 2024 - Articles

Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 යි. හැබැයි Tik Tok හරහා ලෝකේ වැඩිම මුදලක් උපයන කෙනා වෙන්වෙන්ත් මේ අවුරුදු 19 Charli D’Amelio.

2019 අවුරුද්දෙදි ෆෆ පටන්ගන්නවා Tik Tok එකේ Dance කරන්න. ඒ හරහා මෙයා අතිශය ජනප‍්‍රිය Tik Tok තරුවක් බවට පත්වෙනවා. අද වෙනකොට Charli D’Amelio ට Tik Tok එකේ Followers ලා මිලියන 152ට වඩා ඉන්නවා. Likes බිලියන 11.5 ට වඩා තියනවා. Charli D’Amelio ට ලැබිලා තියෙන මේ ජනප‍්‍රයත්වයත් එක්ක 2023 අවුරුද්දෙදි ඩොලර් මිලියන 17.5 ක පමණ මුදලක් උපයන්නත් අවස්ථාව ලැබුනා.අද වෙනකොට මෙයා ලෝකේ වැඩිම මුදලක් උපයන Tik Tok තරුව වෙලා ඉවරයි.

මේ Link එකට ගිහින් ඔයාටත් Charli D’Amelio ගේ Tik Tok Account එක බලන්න පුළුවන් – https://www.tiktok.com/@charlidamelio?lang=en

 

-sas-

Tagged as:  /  /  / 

Play Cover Track Title
Track Authors