0%

අගහරු ලෝකේ වෙනුවෙන් පෘතුවියේ හදපු වාහනේ

December 10, 2023 - Articles

ලෝකයේ ඉන්න හිතුවක්කාරම Innovator Elon Musk. අවුරුදු ගානක පරීක්ෂණ සහ අත්හදාබැලීම් වල ප‍්‍රථිඵලයක් විදිහට Tesla එකේ Cyber truck එක දැන් පාරිභෝගිකයින්ට නිකුත් කරන්න පටං අරන්.

Brand Name එක කිසිම තැනක සඳහන් නොකරපු වාහනයක් විදිහට මේ Cyber truck එක වෙළඳපළට පැමිණිමත් සුවිශේෂයි. 2019 අවුරුද්දේ නොවැම්බර් 21, මුලින්ම මේ Cyber truck එක ලෝකයට හඳුන්වලා දුන්න දවස. නමුත් ආරම්භයේදීම මුහුණ දුන්න ප‍්‍රශ්ණත් එක්ක මේ වාහනය Fail වාහනයක් විදිහට ගොඩක් අය සමාජ ගත කරන්න උත්සහ කරා. මේකේ පෙනුමත් ඒකට හේතු වුනා. නමුත් ලේසියෙන් දෙයක් අතනොහරින Elon Musk වසර 4 ක ට පසුව ලොකේම අවධානය අරගෙන Cyber truck එක සැබෑවක් කළා.

Paint මොකුත් නැති Stainless steel body එකක් තියන අමුතු වාහනයක් මේක. වෙඩි නොවදින වාහනයක් විදිහටත් මේ වාහනය හඳන්වලා දෙනවා. Shutters පවා අතිශය ශක්තිමත්. පැයට සැතපුම් 70 ක වේගයෙන් එක බේස් බෝලයක් වැදුනත් මේ වීදුරු වලට හානියක් නැහැ කියලයි ඔවුන් තියන්නේ.

මේක සම්පූර්ණයෙන්ම Electric වාහනයක්. එක Full Charge එකකින් සැතපුම් 340 ක් යන්නත් පුළුවන්. විනාඩි 15 ක charge එකකින් සැතපුම් 128 ක දුරක් යන්නත් පුළුවන්. ඒ වගේම වාහනේ Current එක අපේ අනිත් වැඩ වලටත් භාවිත කරන්න පුළුවන්. විදුලි උපකරණ ක‍්‍රියාකරවන්න වගේම Current එක නැති වෙලාවට ගෙදරට current එක ගන්නත් මේකේ power outlets තියනවා. වාහනය ඇතුලේ අපේ phone, Laptop charge කරගන්න Wireless charging පහසුකමත් තියනවා.

 

මේ Cyber truck එක හඳුන්වලා දෙන්නෙම ඕනම ග‍්‍රහලෝකෙක යන්න පුළුවන් වාහනයක් විදිහට. ඒ වගේම ඕනම වැඩකට set වෙන වාහනයක්. බර අදින්න, ටේලරයක් ඇදගෙන යන්න, ගෙදර අය එක්ක යන ගමනකට, camping එකකට වගේ ඕනම දේකට මේක ගැලපෙනවා.

 

පෘතුවියේ තියෙන වාහන වලින් ලොකුම වයිපර් එක තියෙන්නෙත් මේ Cyber truck එකට කියලයි කියන්නේ. මේකේ තියන ලොකු Windscreen එකට එක වයිපර් එකක් විතරක් භාවිත වෙන එකත් මේකට හේතුවක් වෙන්න ඇති.

සාමාන්‍යයෙන් වාහනයක Dash board එකක් කියන්නේ ගොඩක් දේවල් තියන එකක්. හැබැයි මේකෙදි ඒකත් වෙනස් වෙනවා. අනිත් Tesla Car වල වගේම මේකේ තියෙන්නෙත් ලොකු Touch screen display එකක්. Inches 18.5 ක Center display එක සහ පිටිපස්සෙ යන අයට Inches 9.4 ක තවත් display එකක් තියනවා. Center touch screen display එකෙන් තමයි සියලුම දේවල් control වෙන්නේ.

තත්පර 2.6 කදි පැයට සැතපුම් 60 දක්වා වේගයකට යන්න පුළුවන්. උපරිම වේගය පැයට සැතපුම් 130 ක්.

 

Photo Credit – tesla.com/cybertruck

-Sasith-

Tagged as:  /  /  /  / 

Play Cover Track Title
Track Authors