0%

අපටත් මෙහෙම වෙන්න බැරි නෑ…

January 7, 2025 - Articles

එක අතකින් තමන්ගේ wheel chair එකේ wheel එක කරකවන ගමන්, අනිත් අතේ mic එකකුත් තියාගෙන කකුල් දෙක පණ ඇති අපිව motivate කරන, කකුල් දෙකම පණ නැති ඇය, ඔයා කොහෙදිහරි දැකලා තියෙන්නම ඕනේ.
ඔව්, ඇය නමින් මුනිබා මසාරි (Muniba Mazari) / Pakistan’s Iron Lady

ඇස් ඉවතට ගන්න හිතෙන්නේ නැති තරම් සුන්දර රූපයකට හිමිකම් කියන මුනිබා, එයා නැවත කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහේ සතුටක් අද ලබනවා. 2008 සිද්ධ වුණ accident එක නිසා Wheel chair එකකට සීමා වෙන්න සිද්ධ වුණත්, අද ඇය වෛද්‍ය විද්‍යාවට පිං සිද්ධ වෙන්න දෙපයින් හිටගෙන තවත් ලස්සනට හිනා වෙනවා.

මුනිබාට අඩු වයසින් (අවු 18) marry කරන්න සිද්ධ වෙන්නේ අඩුම තමන් marry කරන්නේ කාවද කියලා වත් wedding එකට කළින් නොදැක! ඒත් ඒ marriage එක සාර්ථක එකක් වුණේ නෑ. මත ගැටීම්, අදහස් නොගැලපීම්, රණ්ඩු එක්ක මුනිබා marriage එක ගැටගහගෙන ගියා. 2008 පෙබරවාරි 27 මුනිබා එක්ක එයාගේ husband දරුණු accident එකකට මුහුණ දෙනවා. Husband මේ වෙලාවේ මුනිබා ව දාලා පැනලා යනවා.

සුෂුම්නාවට දරුණු හානි වුණ මුනිබාට ඉණෙන් පහළ ප්‍රදේශයම පණ නැති වෙනවා. මේ වෙලාවේ මුනිබාට අම්මා කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියලා doctors ලා කියනවා. අවුරුදු 2ක් ඇඳකට සීමා වෙලා ඉන් පස්සෙයි මුනිබා wheel chair එකේ ඉඳගන්නේ.

හැබැයි අද වෙනකොට ඇය දෙපයින් හිටගෙන! දරුවෙක් වදන්න බැරි වුණත් ඇය අද අම්මා කෙනෙක්. මව් සෙනෙහස ඕන වෙලා හිටිය අහිංසක දරුවෙක්ට ඇය අම්මා කෙනෙක් වෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ motivation speaker කෙනෙක්, චිත්‍ර ශිල්පිනියක්, model කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පාකිස්තාන ambassador!

මුනිබාගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගන්න දෑ බොහෝමයි. මුනිබා ඔයාට කියන්නේ, “හැම මොහොතකම ජීවත් වෙන්න, මරණයට කලින් මැරෙන්න එපා! “

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors