Selena Gomez කියන්නේ 90s 20s kids කාගේ වුනත් හිත දිනාගත්ත, අදටත් world highest paid singers list එකේ උඩින්ම ඉන්න හරිම ආදරණීය character එකක්.
මේ ළඟදි Selena, Benny blanco එක්ක engage වුණා. සෙලීනා engagement ring එක එක්ක දාලා තිබුණු photo එකක් මේ දවස් වල social media වල viral වෙලා තියෙනවා. හැබැයි දැන් කියන්න යන්නේ Selena ගැන gossip එකක් නම් නෙමෙයි.
Acting and music කියන අංශ දෙකෙන්ම Selena ගේ සාර්ථකත්වය තිබුණත්, Selena එයාගේ professional life එක පුරාවට එක එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා.
අවුරුදු 7 දී සෙලීනා පටන් ගත්ත career life එක පහසු, smooth එකක් වුණේ නෑ.
USA වල Texas වල ඉපදුනත් සෙලීනා හරිම සාමාන්‍ය පවුලක කෙනෙක්.
2011 දී සෙලීනාට “ලූපස්” කියන disease එක තියනවා කියලා හඳුනගත්‍තා. තෙහෙට්ටුව, joints වල වේදනාව එක්ක skin එකේ කුෂ්ඨ ඇතුළුව symptoms ගණනාවක් ඇති වෙන්න පුළුවන් කියලා doctors ලා කිව්වා. සෙලීනාට මේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වුනේ එයාගේ journey එකේ peak එකේ ඉද්දි. 2013 දී එයා එයාගේ health එක ගැන අවධානය යොමු කරන්න එයාගේ වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගත්තත් එතනින් සෙලීනා එයාගේ ගමන නැවැත්තුවේ නෑ.
ඊළඟ අවුරුද්දේ එයා එයාගේ දෙවනි studio album එක “Revival” release කළත් එක්කම සෙලීනාට ආපහු fans ලාගේ attention එක හම්බවෙනවා. මේ album එක Billboard 200 Chart එකේ number 01 වුණා.
සෙලීනා එයාගේ acting, singing වලට අමතරව mental health එක ගැන කතා කරන්න ලෝකේ ඉදිරියෙන්ම පෙනී ඉන්න චරිතයක්. සෙලීනාට තිබුණු affairs නිසා fans ලා ගෙන් පාරේ බැහැලා යන්නවත් බැරි තරම් සෑහෙන්න බලපෑම් එල්ල වුණා. ඒ විතරක් නෙමෙයි, 2017 දී සෙලීනාගේ bad health condition එක නිසා kidney transplantation එකකුත් කරන්න සිද්ධ වුණා. හැබැයි මේ කිසිම දේකට, කිසිම කෙනෙක්ට සෙලීනාගේ ගමන නවත්‍තන්න බැරි වුණා!
-Maleesha-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|