0%

ගෑවුනත් ඉවරයි පුදුම විසක්!

November 4, 2024 - Articles

ලෝකයේ වැඩිපුරම විෂ සහිත සත්වයා විදිහට සලකන්නේ box jellyfish. ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් උතුරු ඕස්ට්‍රේලියාව අවටින් දකින්න පුලුවන් සමුද්‍ර ජීවියෙක්. විනිවිද පේන, කොටු හැඩයක් තියෙන මේ box jellyfish සෙන්ටිමීටර 30 ක් විතර වෙනවා. අහිංසක පෙනුමක් තිබුනට මේ box jellyfish ගේ විස සත්ව රාජධානියේ තියෙන ප්‍රබලම විෂ වලින් එකක්.

box jellyfish ගේ කූඩාරම් වගේ තියෙන කොටස් cnidocytes විදිහට හදුන්වන අතර විශේෂිත සෛල දහස් ගානකින් පෙළගැහිලා තියෙනවා.විස තියෙනේ nematocysts කියන කොටස් වල. අනතුරක් කියල දැනුන ගමන් මේ box jellyfish විස විදිනවා. ඒකෙන් අධික වේදනාවක් එක්ක අංශභාගය, හෘදයාබාධ, වගේම විනාඩි කීපයකින් මරණය පවා ඇති කරන්න පුලුවන්. විස ඉක්මනට ස්නායු වලට වගේම හෘද වාහිනී වලටත් ඇතුල් වෙලා විස ක්‍රිය කරන්න පටන් ගන්නවා. වැදගත් අවයව වහල දානවා, සහ සමහර විට උදව් ලැබෙන්නත් කලින් කම්පනයක් ඇති වෙලා මුහුදේ ගිලිලා මැරෙන්නත් පුලුවන්.

අනිත් jellyfish ලා වගේ නෙවේ, box jellyfish ලට වතුරේ සක්‍රීයව ගමන් කරන්න පුලුවන්. විනිවිද පෙනෙන ශරීරය නිසා, විශේෂයෙන් නොගැඹුරු ජලයේ මේ සතාව දකින්න අමාරුයි. ඒ නිසා අහම්බෙන් box jellyfish ව හම්බ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩී.
Iled sea wasps and marine stingers විදිහටත් නම් කරන මේ box jellyfish ලාට තියෙන්නේ ලොකේ භයානකම වගේම ප්‍රබලම විසයි. ස්වභාව සෞන්දර්ය තුළ ඉන්න ගොඩක්ම ආකාර්ෂණීය වගේම භයානකම සත්ත්ව කාණ්ඩයක් වෙන box jellyfish ව නිකන් හරි දැක්කොත් බල බල ඉන්නැතුව දුවන්න….

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors