ශ්‍රී ලංකාව තුළ දැනටමත් විශාල ප්‍රමාණයකින් පරිගණක භාවිතය සහ අන්තර්ජාල ආවරණය ව්‍යාප්ත වෙමින් පවතිනවා. හැබැයි අපි කවුරුත් හරියටම දන්නේ නෑ අපිට මේවට Internet කොහොමද ලැබෙන්නේ කියලා ලංකාවට Internet එන්නේ කොහොමද . ගොඩක් අය හිතන් ඉන්නෙ චන්ද්‍රිකා වලින් කියලා. හැබැයි අපිට Internet ලැබෙන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි.
මුහුදු පතුල දිගේ ඇදපු Submarine cables කිහිපයකින් තමයි ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ.
SEA -ME -WE-3 ,SEA -ME -WE -4 සහ SEA -ME -WE -5 ලෙස මේවා හඳුන්වන්න පුළුවන්
SEA -ME -WE කියන එකේ තේරුම තමයි South East Asia – Middle East – West Europe කියන එක. මේ Cable ප්‍රංශයේ ඉඳන් සිංගප්පුරුව දක්වාම දිවෙනවා. මේවට එක් එක් රටවලින් නියෝජිතයන් ඉන්නවා. ඔවුන් මේ Cable වෙනුවෙන් මුදල් ආයෝජයනය කරනවා. ඒ ආයෝජනය කරන ප්‍රමාණයේ තරම අනුව තමයි මෙන්න මේ කියන Cable පද්ධතියෙන් එක එක රටවලට ලැබෙන Internet ධාරිතාව තීරණය වෙන්නේ.
ගොඩක්ම ඉස්සර මේ Cable හදලා තිබුනේ තඹ රැහැන් වලින්. මේ Cable වලින් මුලින්ම සම්බන්ද වුනේ SEA -ME -WE-1 කියන cable එක. ඒ Galle Face පිටිය ළඟට. හැබැයි ටික කාලෙකින් මේක මදි වෙනවා එක නිසා අර කියපු රටවල් ටික එකතු වෙලා SEA -ME -WE-2 හදනවා. හැබැයි මේ සඳහා දරන්න වෙන අධික වියදම සහ Fiber Optics වගේ වෙනත් Cable වර්ග හේතුවෙන් මෙන්න මේ කියපු තඹ Cable කාලයකදී අභාවයට යනවා. ඊට පස්සේ මේකට විකල්පයක් විදිහට ගෙනාපු අනිත් Cables ඔක්කොම Fiber Optics. ඒවාට අපි සිංහලෙන් කියන්නේ ප්‍රකාශ තන්තු කියලා.
දැනට මුලින් කියපු Cable වර්ග තුනෙන්ම වැඩ ගන්නවා. ඊට අමතරව තවත් Cable වර්ග දෙකක් තියනවා ඒ දෙකෙන් අපි මාලදිවයින සහ ඉන්දියාව අතර වෙන් වෙන් වශයෙන් සම්බන්ධතා පවත්වනවා. මේ ඔක්කොම අතරින් SEA -ME -WE -5 තමයි වඩාත්ම වේගවත් සහ අලුත්ම එක. මේකේ Landing station එක තියෙන්නේ Galle Face නම් නෙමෙයි. එක තියෙන්නේ මාතර. මේ ඔක්කොගෙම අයිතිය තියෙන්නේ ලංකාවේ ලොකුම ලොකු ආයතනයකට.
-Geethika-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|