0%

ඇත්තටම එයා කොහොමද අතුරුදන් වුණේ?

October 2, 2024 - Articles

THE MYSTERY OF 411 CASES

ස්වභාවධර්මය කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන දෙයක්. ඒ නිසාම ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන අපි පුළුවන් හැම වෙලාවකම මේ ලෝකෙ වටේම ඇවිදින්න උත්සාහ කරනවා. ස්වභාවධර්මයේ මේ තියෙන ලස්සන නිසාම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි සමහර අද්භූත අමුතු සිදුවීම් ද සිද්ධ වෙනවා කියන කාරණය. ඉතින් අද මම කතා කරන්නේ යන්නේ THE MYSTERY OF 411 CASES ගැන. සරලවම කිව්වොත් මම කතා කරන්න යන්නේ ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන ගිහිල්ලා අවසානයේදී තමන්ගේ ජීවිතයට මොකක්ද උනේ කියලවත් හිතා ගන්න බැරි සිදුවීම් කිහිපයක් ගැන.

THE MYSTERY OF 411 CASES වලට නැත්නම් 411 ගණයට අතුරුදන් වූ මිනිස්සුන්ට පොදු වූ ලක්ෂණ තිබෙනවා.

  • ගොඩක් වෙලාවට මේ අය අතුරුදහන් වෙලා තියෙන්නේ ජාතික වනෝද්‍යානයක, දුෂ්කර ප්‍රදේශයක එහෙමත් නැත්නම් විශාල රක්ෂිතයක.
  • අතුරුදහන් වීම වටා සුවිශේෂී අමුතු තත්වයන් තියෙනවා.
  • මානසික රෝග හෝ හිතා මතාම අතුරුදහන් වීමක් පෙන්නුම් කරන්නේ නැහැ.

පොලිස් පරීක්ෂකයෙක් වුණු David Paulides අවුරුදු විස්සක් විතර තමන්ගේ කාලය වැය කරලා මේ පිළිබඳව විශාල Investigations කරලා තියෙනවා. ඒ ඔස්සේ ප්‍රහේලිකා ප්‍රවණතා ගණනාවක් අනාවරණය කර ගෙන තියෙනවා.
මෙම අමුතු අතුරුදහන්වීම්වලින් බහුතරයක් පැහැදිලිව සලකුණු කර ඇති සහ ජනප්‍රිය කඳු නැගීමේ මංපෙත්වල සිදු වි තියෙනවා. ඒ වගේම මේ අතුරුදහන් වෙලා තියෙන මිනිස්සුත් proficient outdoors ලා, ඒ අය හොඳින්ම දැනගෙන තියනවා ඒ අය කොහෙද යන්නේ? ඒ වගේම කොහොමද යන්නෙ මොනවද කරන්න ඕනේ කියලා…
මේ වගේ අතුරුදහන්වීම් වලට ප්‍රසිද්ධ ස්ථානයක් තමයි California වල Yosemite National Park එක.
පළවෙනියටම අපි කතා කරන්නේ යන්නේ Stacey Arras අතුරුදහන් වීම ගැන – 1981
Stacey Arras කියන්නේ එවකට අවුරුදු දාහතරක ගැහැණු ළමයෙක්. ඇය ඇගේ තාත්තා සහ මිතුරන් කිහිප දෙනෙකු සමග අශ්වාරෝහක සංචාරයක යෙදෙනවා. මේක ගොඩක් විනෝදාත්මක trip එකක් වෙයි කියලා හැමෝම හිතුවා හැබැයි කවුරුත් හිතුවේ නෑ අවසානයේ මොනතරම් භයානක වෙයිද කියලා. Sunrise High Sierra Camp එකට ආවට පස්සේ Stacey එයාගෙ ඇඳුම් මාරු කරගෙන පොඩි walk එකක් යන්න තීරණය කරනවා, එයා තාත්තටයි අනිත් අයටයි එයත් එක්ක යන්න කතා කළත් ඒ අය එන්න බැහැ කියනවා… එයා යන්නේ camp එක ගාව තියෙන වැව ගාවට… ඉතින් ඒක ගොඩක් ලඟින් තියන හින්ද Stacey ගේ තාත්තාත් එයාට එපා කියන්නේ නෑ… හැබැයි තාත්තා හිතපු විදිහ වැරදි මොකද එතනින් පස්සේ එයාලට Stacey හොයාගන්න බැරි වුණා… මිනිසුන් සියයකට අධික පිරිසක්, සුනඛයන් ඒ වගේම හෙලිකොප්ටර් යානා සමඟ දින නවයක් පුරා සිදු කළ පුළුල් හා ගැඹුරු සෝදිසි කිරීමකින් පසුව, Stacey ගේ කැමරාවේ කාච තොප්පිය හැර වෙනත් කිසිවක් නැවත හමුවුණේ නැහැ. Stacey Arras ට මොකද වුණේ කියන එක අදටත් ලොකු අභිරහසක්, ඔයා හිතන්නෙ Stacey ට මොකද වුණේ. හැබැයි අදටත් කිසිම සාක්ෂියක් නෑ එයාගේ Camera Lense cap එක ඇරෙන්න…

ඔයා කැමතිද තවත් THE MYSTERY OF 411 CASES වලට අයිති අභිරහස් අතුරුදහන්වීම් ගැන දැනගන්න… එහෙනම් දිගටම myy.lk එක්ක එකතු වෙලා ඉන්න.ඉස්සරහට තවත් කතා අරගෙන එන්නම් හැබැයි ලස්සනයි කියලා නොදන්න තැන්වල තනියෙන් ඇවිදින්න යන්න එපා..

-Pawani-

Tagged as:  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors