0%

Tattoo පැටිකිරිය..

September 12, 2024 - Articles

ඔයා දන්නවද?

tatto කියන නම ලැබිල තියෙන්නේ tahitian භාෂාවේ එන “tatu” කියන නමෙන්. මේකේ සිංහල තේරුම “යමක් සලකුණු කිරීම” (to mark something) කියලයි.

ඉතින් ඉස්සෙල්ලාම පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වුණු මිනිස්සු ටැටූ කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් අවුරුදු 12000කට වඩා පරණ උපකරණත් හම්බවෙලා තියෙනවා.“ඕට්ස් අයිස් මැන්” (otzi ice man) කියලා කියන්නෙ ලෝකේ පරණම ටැටූ තියෙන මමියයි. ඒ විතරක් නෙවෙයි ඊජිප්තු මමී වලද ටැටූ හම්බවෙලා තියෙනවා.

ටැටූ කලාව පටන් අරන් කියලා තියෙන්නේ ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලයේදී.විවිධ අරමුණු සදහාද ටැටූ යොදාගෙන තියෙනවා ග්‍රීක අය තමන්ගේ ඔත්තුකරුවන් හොයා ගන්න ටැටූ යොදාගෙන තියෙනවා.ඒවගේම අපරාධකරුවන් සහ වහලුන් සලකුණු කිරීමට ටැටූ යොදා ගත්තා.

අතීතයේ විතරක් නෙමෙයි අද වෙනකොටත් විවිධ සංවිධාන තමන්ගේ සාමාජිකයින් හඳුන ගන්න සංකේත විදියට ටැටූ ලෙස භාවිත කරනවා.

ඉතින් අද වෙනකොට ටැටූ කලාව හැම රටකම සැම නගරෙකම famous වෙලා තියෙනවා. දක්ෂ ටැටූ artists ලා විතරක් නෙමෙයි මුදල් ඉපයීමේ සුදුසුකම් නොලත් ටැටූ artists ලත් වර්තමාන ටැටූ කලාවේ දක්නට ලැබෙනවා.

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors