0%

අභිරහස් ලෙඩක්!

September 9, 2024 - Articles

අපි මොන තරම් වේගවත් Technology එක දියුණු ලෝකෙක ජීවත් උනත් ඔයා දන්නවද තවමත් තර්කනයයි විද්‍යාවයි නොසෙලකා හරින ලොකු ලොකු අභිරහස් මේ ලෝකේ සිද්ධ වෙනවා.පැහැදිලි කරන්න බැරි අතුරුදහන් වීම් වල ඉඳලා අවුල් සහගත ස්වාභාවික සංසිද්ධි දක්වාම සමහර incidents අපේ mind එක puzzle එකක් කරනවා.

මුලින්ම අපි අද කතා කරමු Havana Syndrome (හවානා සින්ඩ්‍රෝම්) එක ගැන…
මේකට කියුබාවෙ ඉන්න එක්සත් ජනපද සහ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට 2016 දී මුලින්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාලට විශාල ශබ්දයක් ඇහුනා, ඒත් එක්කම කැරකැවිල්ලක් දැනිලා තියෙනවා, හිසරදය සහ මතක ශක්තියත් නැති වෙලා තිබුණා… මේ පිළිබඳව ගොඩක් අය අධ්‍යයනය කළා, ඒ අධ්‍යනවලින් experts ලටත් බැරි වුණා ඒ සිදුවීම් වලට හේතුව මොකක්ද කියලා හොයාගන්න… සමහර අය හිතනවා මේක රහසිගත ආයුධයක් එහෙමත් නැත්නම් විකරණයක් වෙන්න පුළුවන් කියලා. ඒත් කිසිම කෙනෙක්ට තවමත් මේක තහවුරු කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ.
තවත් සමහර ප්‍රවීණයෝ කියනවා මිනිසුන්ට රිදවන්න ශබ්ද තරංග භාවිතා කරන යම් ආකාරයක ආයුධයක් වෙන Sonic Attack එකක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියලා… තවත් අය විශ්වාස කරනවා මයික්‍රොවේව් විකිරණයක් වෙන්නත් පුළුවන් කියලා. හැබැයි කලින් කිව්ව වගේ තාමත් මේ න්‍යායන් ගැන පැහැදිලි සාක්ෂියක් කවුරුත් හොයාගෙන නැහැ.

මේක තවත් අද්භූත වෙන්නේ කියුබාවේ විතරක් වෙන්නේ නැතුව වසර ගණනාවක් පුරා චීනය, රුසියාව ඒ වගේම Washington D.C. වගේ ස්ථාන වල ඉන්න පුද්ගලයන් අතරත් මේ රෝග ලක්ෂණ වාර්තා වුණු නිසා.
2021 දී CIA සහ වෙනත් agencies විසින් හවානා සින්ඩ්‍රෝමය ඇතිවීමට හේතුව තහවුරු කරන්න බැහැ කියලා වාර්තාවක් නිකුත් කරනවා නමුත් ඒක යම් ආකාරයක ප්‍රහාරයක් වීමේ හැකියාව ඔවුන් බැහැර කරලා තිබුණේ නැහැ.
මේකෙන් සිද්ධ වෙලා තියෙන බලපෑම ගැන කතා කළොත් හවානා සින්ඩ්‍රෝමය ගොඩක් දෙනෙක්ව අසනීපවලට සහ ව්‍යාකූලත්වයට පත් කරලා තියෙනවා. සමහර අය තවමත් සුවය ලබමින් සිටින අතර තවත් සමහර අය දිගු කාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා.
කොහොම වුණත් හවානා සින්ඩ්‍රෝමය කියන්නේ නූතන අභිරහසක්. මේ සම්බන්ධයෙන් පිළිතුරු සෙවීම තාමත් සිද්ධ වෙනවා. අපි කවදාම හරි මේක ගැන ඇත්ත දැන ගනියි. ඉතින් කාලය ඒක ගැන තීරණය කරයි එතකන් පරිස්සමෙන් ඉන්න !

-Pavani-

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors