ඉතිහාසය කුඩේ කුඩු….
ඊශ්රායලයේ නාහාරිය city එක කියලා කියන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ප්රහාරවලට ලක්වන නගරයක්.ඉතින් ආතතියෙන් මිදෙන්න ගිම්හාන කාලේදී museums බලන්න එහෙ අය ඊශ්රායලය වටා trips යනවා.
ඉතින් එහෙම ගියපු, Ariel Geller කියලා කියන්නේ අවුරුදු 4 චූටී බබෙක්. ඉතින් මේයා ගිය සතියේ ඒයාගේ අම්මයි තාත්තයි එක්ක Hecht museum එක බලන්න ගිහින්. එයා සතුටින් ගියාට එයාගේ අතින් අවුරුදු 3,500ක් පරණ දුර්ලභ භාජනයක් එයාගෙ අතින් බිම වැටිලා කැඩිලා තියෙනවා.
ඉතින් මේ ළමයා අතින් ඒ බිඳුණු භාජනය
ලෝකඩ යුගයේ එකක්. ඒ වගේම අවුරුදු 35ක් පුරා Haifa හි Hecht museum එකේ ප්රදර්ශනයට තිබූනු බඳුනක්.
ඉතින් ඊටපස්සෙ ඒයාගේ අම්මයි තාත්තයි මේ museum එකට එයාලගේම මැටි බඳුනක් gift කරලා එහෙ staff එකේ අයහෙන් සමාව ඉල්ලලා තියෙනවා.
ඉතින් මේ වුන දේට බය වුන geller ගේ අම්මයි තාත්තයි museum එකේ එතන හිටපු officers ලට කියලා ඒ වෙච්ච වැරැද්ද වෙනුවෙන් වන්දි ගෙවන්න පවා ඉදිරිපත් වෙලා තියෙනවා.
හැබැයි ඊට පස්සෙ ඒ officers ලා එයාලට කියලා තියෙනවා ඒ බිඳුණු භාජනය ත්රිමාණ තාක්ෂණය use කරලා ප්රතිෂ්ඨාපනය කරන්න පුළුවන් බව. ලබන සතියේ සිට ඉක්මනින් යළිත් ප්රදර්ශනය කරන්නත් පුළුවන්ලු.
ඒ විතරක් නෙමෙයි එයාලාට ආයෙත් මේ museum එකේ සංචාරයකට එන්න කියලත් museum එක invite කරලා තියෙනවා.
ඉතින් අන්තිමට මේ වගේ හදිසි අනතුරු සිදු වුනත් ,” මම කැමතියි මිනිසුන් ස්පර්ශ කරන එකට. කඩන්න එපා, නමුත් දේවල් ස්පර්ශ කිරීම වැදගත්,” කියලා මේ වස්තු මහජනයාට ප්රදර්ශනයට ලබාදිය යුතු බවත් museum එකේ professor ෂෆීර් මේ විදියට පවසලා තියෙනවා.
-Avish-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|