0%

යාළු Dolphins

September 7, 2024 - Articles

සාගර ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඩොල්ෆින් මේ තරම් මිත්‍රශීලී වුනේ කොහොමද?

ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ සිටින බුද්ධිමත්ම සතුන්ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම මත්ස්‍යයෙකු මෙන් මනරම් ලෙස ජලය හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මත්ස්‍ය විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එනිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි අනෙකුත් ප්‍රසිද්ධ සමුද්‍ර ක්ෂීරපායීන්ගේ ශ්‍රේණිවලට ඇතුළත් කරයි.

ඩොල්ෆින් මත්ස්‍යයන් තම පෙනහළුවල ඇති වාතයෙන් 80%ක් එක් එක් හුස්ම ගැනීමේදී හුවමාරු කරගන්නා අතර මිනිසුන්ට හුවමාරු කළ හැක්කේ 17%ක් පමණි. සාගර ක්ෂීරපායීන්ට ඔවුන්ගේ පෙනහළු, රුධිරය සහ මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කිරීමේ වැඩි හැකියාවක් ඇත. මේ සියල්ල ඔවුන්ගේ ශරීරයේ ඔක්සිජන් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට උපකාරී කරන බැවින් බොහෝ විශේෂයන්ට දිගු කාලයක් කිමිදීමට ඉඩ සලසයි.

ඩොල්ෆින් මොළය ඉතා දියුණු සත්ව කොට්ඨාසයක් වන අතර මිනිසුන්ට සමාන හැසිරීම් රටා ඇත. ඔවුන් තම සමාජ කණ්ඩායම් හවුල්කරුවන් හඳුනා ගනීමට, ඔවුන්ගේම වර්ගයා හා සමාජගත වීමට, සෙල්ලම් කිරීමට සහ විවිධ ආකාරවලින් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට විශේෂ හැකියවක් දක්වයි.

සාගර සත්ව විශේෂඥයින් පවසන්නේ ඩොල්ෆින් සහ මිනිසුන් අතර වාචික නොවන සන්නිවේදනයක් කළ හැකි බවයි. මන්ද ඩොල්ෆින් ලෝකයේ බුද්ධිමත්ම සතුන්ගෙන් එකක් ලෙස සලකනු ලබන අතර, ඔවුන් වෙන් කර ඇති සංජානන හැකියාවන් කිහිපයක් ඇත. බොහෝ පර්යේෂකයන් බුද්ධිය ලෙස සලකන්නේ සංජානනය, සන්නිවේදනය සහ ගැටළු විසඳීමේ එකතුවකි. ඩොල්ෆින් බුද්ධිය ඔවුන් සන්නිවේදනය කරන ආකාරය සහ භාවිතා කරන ආකාරය ඉතා ඉහළ මට්ටමක පවතින බව හඳුනාගත හැකිය.

මිනිසුන් වන අප මෙන්ම ඩොල්ෆින් මත්ස්‍යයින්ද සන්නිවේදනය කරන්නේ ශබ්ද සහ අභිනයන් මගිනි. ඒවාට පුළුල් ශබ්ද සමූහයක් ඇත – තරංගවල සිට මිනිස් කනට නොඇසෙන, 100,000 Hz දක්වා විසිල් ශබ්ද කිරීම ආවේණික සන්නිවේදන ක්‍රමයයි.

ඒ අනුව සාගර වාසී සත්වයින් අතරින් මානව වර්ගයා වෙත වඩාත් කුලුපග සත්ව කොට්ඨාසයක් වශයෙන් ඩොල්ෆින් හඳුනා ගත හැකි නමුත් මිත්‍රශීලී බව හරහා ප්‍රවේශමෙන් අන්තර් ක්‍රියා ගොඩනගා ගැනීමට මිනිසා කල්පනාකාරී විය යුත්තේ ඩොල්ෆින් සත්වයින්ගේ පැවැත්මට හානියක් නොවන ලෙස බව ලොව පිළිගත් මතයයි.

-Vindy-

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors