කවුරුහරි නින්දෙන් ගොරවන එක ගැන අත්දැකීම් අනිවාර්යයෙන් ඔයාට ඇති. එහෙම නැත්නම් ඔයා නින්දෙන් ගොරවන කෙනෙක් වෙන්න පුලුවන්. කොහොමහරි මේ ගොරවනවා කියන්නේ නින්දෙන් ශබ්ද නගලා හුස්ම ගන්න එක. ඒක සිද්ධ වෙන්නේ නින්දෙදි ඔයාගේ ශ්වසන මාර්ගය අවහිර වෙන නිසයි. ඒ කියන්නේ නාසය සහ කට හරහා වාතය ගමන් කිරීමයි.
නින්දෙන් මේ විදිහට ගොරවන එක මඟහරවගන්න HOOTI Company එකෙන් Product එකක් නිකුත් කරලා තියෙනවා.
මේකෙ නම “next – generation anti – snore pillow“
මේක සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන කොට්ටයකට සමානයි. විශේෂත්වය තමයි Detection system එකක් ඔස්සේ ගෙරවීම නිසා ඇතිවෙන කම්පනය හඳුනාගෙන ඒ අනුව කොට්ටය වෙනස් වෙලා ශවසන මාර්ගයේ අවහිර වීමක් වෙලා තියෙනවා නම් ඒක යථාතත්ත්වයට පත් කරන්න ඕනේ විදිහට කොට්ටය වෙනස් වෙනවා.
විශේෂත්වය තමා මේ වෙනස්වීම් වෙන්නේ පුද්ගලයාට නොදැනෙන විදිහටයි !
නිශ්පාදකයින් මේක AI tool එකක් බවත් 90% ක නිරවද්‍යතාවයකින් වැඩ කරන බවත් කියනවා.
කොට්ට උරය සෝදන්නත් පුලුවන් ! කොට්ටය වෙනස් වීම අක්‍රිය කරලා ඔයාගේ නින්ද ගැන data මේත් එක්කම ලබා දෙන app එකෙන් ලබාගන්න පුලුවන්.
ලබන මාසේ ඔක්තොම්බර් තමයි මේක lounge කරන්න ඉන්නේ .. වැඩි ගානක් නෑ ඩොලර් 199 යි
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|